top of page
Search

"හරියට" ගෙයක් හදමු.

  • archqcoststudio
  • Jun 18, 2021
  • 2 min read

ඇයි හරියට කියන්නේ..ඉන්න තැනක් වගේම ඒ තැන ඉන්න හිතෙන්නත් ඕනි...


නිවසක් කියන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවයක්..හැබැයි අවශ්‍යතාවය එකිනෙකට වෙනස් වෙනවානේ..තමන්ගේ හැකි පමණින් මෙම කාරණාවට යොමු වීම ඉතා වැදගත්..


අදහස (Concept)

මට ඕනි මේ වගේ නිවසක්..ඕක තමා පලවෙනි කරුණ සිතට එන..ඔබේ අවශ්‍යතාවය නිවැරැදිව හදුනා ගැනීම ඉතා වැදගත්..ඔබේ ඉදිරි දැක්මට සහ අනාගත සැලසුම් වලට ඔබේ නිවසේ අදහස අනුකූල විය යුතුයි.ඒ අනුව අවශය නිවසේ දළ ප්‍රමාණයක් ඔබ දැන ගත යුතුයි..උදාහරණයක් ලෙස කාමර තුනක් සහිත වර්ග අඩි 1500 ක තනි තට්ටුවේ නිවසක්..කාමර 4 ක වර්ග අඩි 2000 ක තට්ටු දෙකේ නිවසක් ආදී ලෙස..එලෙසම ඔබට ඇති දැරිය හැකි අයවැය (Budget)/ පිරිවැය (Cost) ප්‍රමාණයන් පිළිබඳව ඳල අදහසක්.


නිර්මාණකරනය (Planning )


ඔබගේ ඉඩමට අනුව සලකා නිවස තුල අවකාශය කාර්‍යක්ශමව යොදා ගැනීම (Space), ස්වභාවික ආලෝකකරණය(Natural Lightning), ස්වභාවික වාතාශ්‍රය (Ventilation) නිවැරැදිව කළමනාකරණය ආදී කරුණු ඉතාමත් වැදගත්..ඒ නිසා ඔබට හැකි පමණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් කරා යොමු වී ඔබගේ අවශ්‍යතාවය අනුව නිවස නිර්මාණය කල හැකි නම් ඉතාමත් සුදුසු යැයි මම යෝජනා කරමි..මක් නිසාද මෙවැනි කාර්‍යයන් සදහා ඔවුන් පුරුදු පුහුණු වූ වෘත්තිකයන් නිසාය.ඔවුන් හට ඔබගේ අවශ්‍යතාවය අනුව සුදුසු පිරිවැයක් සහිතව ඔබේ අයවැයට අනුකූලව ඔබේ නිවස නිර්මාණය කල හැකි නිසාය.ඔවුන්ට ඔබ කරන ගෙවීම අනාගත ආයෝජනයක් සිතා කටයුතු කිරීම ඉතා සුදුසු වන බව මගේ අදහසයි.


Architectural Drawings

මෙය ප්‍රධාන ලෙසම ගෘහ නිර්මාණ ශිල්පියා (Architect) විසින් සිදු කරන කාර්‍යයක් වේ..මෙහිදී ඔබට ඔබේ නිවසේ විස්තරාත්මක සැලැසුම් (Detail Drawings) ලැබෙනු ඇත.

👷Council drawing

👷Floor Plan Drawings

👷Section Drawings

👷Door & Window Drawings

👷Finishes Drawings

👷Plumbing Drawings

👷Electrical Drawings


Structural Drawings

ඉතාමත් වැදගත් එහෙත් බොහෝ දෙනා නොසලකා හරින කාරණයකි.මෙම සැලැසුම් වරලත් ඉංජිනේරුවරයකු (Chartered Structural Engineer) විසින් සිදුකල යුතුය.එය එසේ කිරීම වඩා සුදුසු යැයි මම යෝජනා කරමි.වරලත් ඉංජිනේරු මහතා විසින් ඔබේ ඉඩමේ පිහිටීමේ ස්වභාවය (තැනිතලා,බෑවුම්) , පසේ ස්වභාවය (Hard Soil,Loose Soil) තව අවශ්‍යතාවය අනුව තාක්ෂණික කරුණු කාරනාද සලකා බලා ඔබේ සැලසුම් වලට වඩාත්ම සුදුසු ව්‍යුහාත්මක සැලසුම් (Structural Drawings) ලබා දෙනු ඇත.


👷Foundation Detail Drawings (Excavation Height,Base Details,Tie Beam Details,Soil Filling details,Reinforcements details,Concrete Grades)

👷Slab,Beam,Column Details Drawings (Sizes of Beams & Coloums,Thickness of Slabs,Grade of Concrete,Reinforcements)

👷StairWay/Staircase Details Drawings



අයවැය (Budget)/ පිරිවැය (Cost) ඊලග ලිපියේ බලාපොරොත්තු වන්න..






 
 
 

Comments


OUR FIRM

I'm a paragraph. Click here to add your own text and edit me. It's easy.

GET IN TOUCH:

Tel: +94 71 417 6406

Email:archqcoststudio@gmail.com

De Mel Road 10400 Moratuwa, Sri Lanka.

  • Facebook
  • Instagram

© 2023 by ArchQ. Proudly created with Wix.com

CONTACT US:

Thanks for submitting!

bottom of page